හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (18) අත්අඩංගුවට ගෙන තිබේ.
විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවට පැමිණි අවස්ථාවේදී හිටපු අමාත්‍යවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අනුබද්ධ කාර්ය මණ්ඩල සීමාව ඉක්මවා සේවකයින් හයදෙනෙකු බඳවා ගැනීම හේතුවෙන් රජයට පාඩුවක් සිදුකළ බවට කෙහෙළිය රඹුක්වැල්ල මහතාට චෝදනා එල්ල වී තිබේ.
එම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් සිදුකරන විමර්ශනයකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව වාර්තා වේ.

