Homeසියලුම පුවත්ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමෙන් බොරතෙල් මිල යළි ඉහළට

ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමෙන් බොරතෙල් මිල යළි ඉහළට

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් ඕමානයට බෝම්බ ප්‍රහාර එල්ල කරන බවට කළ අනතුරු ඇඟවීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (18) යළි ඉහළ ගොස් තිබේ.

ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 91.24 දක්වා ඉහළ ගොස් ඇති අතර, මර්බන් බොරතෙල් බැරලයක මිල ඩොලර් 97.70ක් දක්වාත් WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 85ක් දක්වාත් ඉහළ ගොස් ඇත.

ඉරානය සමඟ හෝමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡාවලට බාධා එල්ල කළහොත් ඕමානයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඊයේ (17) ෆොක්ස් නිව්ස් මාධ්‍යවේදීන් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබේ.

මේ වනවිට හෝමුස් සමුද්‍ර සන්ධියේ නැව් ගමනාගමනය සම්බන්ධයෙන් ඉරානය සහ ඕමානය අතර වෙනම සාකච්ඡා පැවැත්වෙන අතර, අමෙරිකාවද ඊට අදාළ සාකච්ඡාවල නිරතව සිටින බව වාර්තා වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments