ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස සුරංජිත් වෑවිට මහතා පත්කර තිබේ.
ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයෙකු ලෙසද කටයුතු කරන ඒ මහතා බැංකුකරණ ක්ෂේත්‍රයේ වසර 20කට අධික අත්දැකීම් සහිත අයෙකු බව සඳහන් වේ.
2013 වසරේදී මධ්‍යම පළාතේ හොඳම කිරි ආශ්‍රිත අතුරු නිෂ්පාදන ව්‍යවසායකයා ලෙසද සුරංජිත් වෑවිට මහතා ඇගයීමට ලක්ව තිබේ.
කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ඔහු බලපත්‍රලාභී සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්යවරයෙකු ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක අත්දැකීම් ලබා ඇති අයෙකු බවද වාර්තා වේ.
සංචාරක සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති බුද්ධික හේවාවසම් මහතා පෞද්ගලික හා වෘත්තීය හේතු මත ඊයේ (17) සිය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් ඇතිවූ පුරප්පාඩුව සඳහා මෙම නව පත්කිරීම සිදුකර තිබේ.
බුද්ධික හේවාවසම් මහතා සිය ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් විදේශ කටයුතු සහ විදේශ රැකියා අමාත්‍යවරයා වෙත ලිඛිතව දැනුම්දී තිබුණි.

