Tuesday, February 17, 2026
Homecovid19කොවිඩ් අවදානමක් හේතුවෙන් රාගම දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර කවුළු වසා දමයි

කොවිඩ් අවදානමක් හේතුවෙන් රාගම දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර කවුළු වසා දමයි

කොවිඩ් අවදානමක් හේතුවෙන් රාගම දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර කවුළු වසාදැමීමට පියවර ගෙන තිබේ.

එහි සේවයේ නියුතු දුම්රිය ස්ථානාධිපතිවරයෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති අතර තවත් ස්ථානාධිපතිවරුන් දෙදෙනෙකු රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් එම පියවර ගෙන ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පැවසීය.

ඒ හේතුවෙන් රාගම දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර කවුළු තාවකාලිකව වසා දමා ඇත.

දුම්රිය ස්ථානයේ සෙසු කටයුතු සාමාන්‍ය පරිදි සිදු වන බව ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පැවසීය.

RELATED ARTICLES

Most Popular

Recent Comments