Tuesday, November 18, 2025
Homeදේශීයකෝටියකට අධික හෂීස් ඔරුගොඩවත්තේදී රේගු භාරයට..

කෝටියකට අධික හෂීස් ඔරුගොඩවත්තේදී රේගු භාරයට..

බෙල්ජියමේ සිට මෙරටට ආනයනය කළ බහාලුමක තිබූ පාර්සලයක රුපියල් එක් කෝටි හැට හතර ලක්ෂ හැත්තෑ දහසක් වටිනා හෂීෂ් තොගයක් සොයා ගෙන තිබේ.

ඒ, ඔරුගොඩවත්ත බහාලුම් පර්යන්තයේදීයි.

මෙම පාර්සලය හලාවත, වෙන්නප්පුව ප්‍රදේශයේ ලිපිනයකට එවා තිබූ අතර එහි බර කිලෝග්‍රෑම් 01 යි ග්‍රෑම් 098 කි.

රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා සඳහන් කළේ, එම ලිපිනය ව්‍යාජ එකක් බව පරීක්ෂණවලදී හෙළි වූ බවයි.

හෂීෂ් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්ට භාර දුන් බව ඔහු ප්‍රකාශ කළේ ය. (News1st)

RELATED ARTICLES

Most Popular

Recent Comments