Saturday, January 17, 2026
Homeදේශීයගාල්ලේ ඉන්ධන පෝලිමක ගැටුමකින් තරුණයෙක් ජිවිතක්ෂයට

ගාල්ලේ ඉන්ධන පෝලිමක ගැටුමකින් තරුණයෙක් ජිවිතක්ෂයට

ගාල්ල මාගාල්ල ඉන්ධන පිරවුම්ලේ පෝලිමේ සිටි දෙපිරිසක් අතර ඊයේ රාත්‍රි ඇතිවු ආරවුලකදි එක් අයෙකු මියගොස් තවත් තිදෙනෙකු බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇත.

මෙසේ මියගොස් ඇත්තේ හබරාදුව වංචාවල යටගල පදිංචිව සිටි 25 හැවිරිදි පුද්ගලයෙකි.

ඊයේ රාත්‍රි ඉන්ධන පෝලිමට පැමිණි පුද්ගලයෙකු තම මෝටර් රථය මිතුරෙකුගේ වෙළඳසලක් ඉදිරිපිට ඉඩ තිබු ස්ථානයකින් පෝලිමට ඇතුලු කිරිමට උත්සාහ කල අවස්ථාවේ පෝලිමේ පිටුපස සිටි පිරිසක් එයට විරෝධය පලකර ඔහු සමග ගැටුමක් ඇතිකරගෙන තිබේ.

එහි දි පෝලිමේ සිටි තිදෙනෙකු ද පහරදිමට පැමිණි කණ්ඩායමේ එක් අයෙකු ද බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු අදාළ තරුණයා මියගොස් ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments