Homeසියලුම පුවත්යෝෂිත රාජපක්ෂ අභියාචනාධිකරණයට පැමිණෙයි

යෝෂිත රාජපක්ෂ අභියාචනාධිකරණයට පැමිණෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අද (16) දින අභියාචනාධිකරණයට පැමිණ සිටින බව වාර්තා වේ.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව ගොනු කර ඇති නඩුවේ “කුමන්ත්‍රණය” චෝදනාව පවත්වාගෙන යාම නීතිවිරෝධී බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ඔහු ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම විභාගයට ගැනීමට නියමිතව ඇත.
අමල් රණරාජා සහ ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර යන විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම සලකා බැලීමට නියමිත අතර, එම කරුණ සම්බන්ධයෙන් අද දිනයේ පූර්ණ විභාගයක් පැවැත්වීමටද අධිකරණය නියෝග කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments