Sunday, November 16, 2025
Homeදේශීයගෑස් මිල යලිත් ඉහලට

ගෑස් මිල යලිත් ඉහලට

අද(11) දින ලිට්‍රෝ සමාගම විසින් ගෑස් මිල ඉහල දමා තිබේ. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රු 50කින් ඉහළ දමා තිබෙන අතර. ඒ අනුව රු 4,860ක පැවති කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල රු 4,910ක් වේ.

මේ අතර, ලිට්‍රෝ සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ අද (11) සහ හෙට (12) කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල බෙදාහැරීම් සිදුකරනු ලබන අතර, 13 වනදා සිට අනෙකුත් ප්‍රදේශ සඳහා ගෑස් බෙදාහැරීම ආරම්භ කරන බවය.

එමෙන්ම අනවශ්‍ය තොග රැස්කිරීම වැළැක්වීම සඳහා ගෑස් මිල දී ගන්නා අවස්ථාවේ දී මැයි මස විදුලි බිල්පත ඉදිරිපත් කළ යුතු බව ද ලිට්‍රෝ සමාගම නිවේදනය කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments