ගාලු මුවදොර මුහුදු තීරයේ දිය නෑමට ගිය ළමුන් හයදෙනෙකු දියේ ගසාගෙන ගිය සිද්ධියෙන් බේරාගත් 11 හැවිරිදි පාසල් සිසුවෙකු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
අනතුර ඊයේ (10) සවස සිදුව ඇති අතර, අවට සිටි පිරිස්, පොලිසිය සහ නාවික හමුදා නිලධාරීන් එක්ව ළමුන් පස්දෙනෙකු බේරාගෙන තිබුණි.
ඔවුන් අතරින් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලටත් තිදෙනෙකු රිජ්වේ ආර්යා ළමා රෝහලටත් ඇතුළත් කර ඇති අතර, ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටි මාලිගාවත්ත ප්රදේශයේ පදිංචි 11 හැවිරිදි සිසුවා ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය සඳහන් කළේය.
මේ අතර, දියේ ගිලී අතුරුදන් වූ 10 හැවිරිදි තවත් සිසුවෙකු සොයා පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් සහ නාවික හමුදා කිමිදුම් කණ්ඩායම් සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්රියාත්මක කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු කොටුව පොලීසිය විසින් සිදුකරනු ලබයි.
ගෝල්ෆේස් දියේ ගිලීමෙන්11 හැවිරිදි සිසුවෙකු මරුට

