Homeසියලුම පුවත්ගෝලීය සාම දර්ශකයේ ශ්‍රී ලංකාවට ස්ථාන 14ක ප්‍රගතියක්

ගෝලීය සාම දර්ශකයේ ශ්‍රී ලංකාවට ස්ථාන 14ක ප්‍රගතියක්

2026 ගෝලීය සාම දර්ශකයට අනුව ශ්‍රී ලංකාව ස්ථාන 14කින් ඉදිරියට පැමිණ ලෝකයේ 67 වන ස්ථානය හිමිකරගෙන තිබේ.
ආරක්ෂාව, සමාජ ස්ථාවරත්වය සහ අභ්‍යන්තර හා බාහිර ගැටුම් ඇතුළු කරුණු සැලකිල්ලට ගනිමින් මෙම දර්ශකය සකස් කර ඇති අතර, මෙවර දකුණු ආසියාවේ වැඩිම සාමකාමීත්ව වර්ධනයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.
ගෝලීය සාම දර්ශකයේ පළමු ස්ථානය අයිස්ලන්තයට හිමිව ඇති අතර, නවසීලන්තය සහ ස්විට්සර්ලන්තය දෙවන හා තෙවන ස්ථාන ලබාගෙන තිබේ.
දකුණු ආසියානු කලාපයේ භූතානය පළමු ස්ථානයේ පසුවන අතර ශ්‍රී ලංකාව දෙවන ස්ථානයට පත්ව ඇත.
මේ අතර, රටවල් 163ක් අතරින් අවම සාමකාමී රට ලෙස රුසියාව ශ්‍රේණිගත කර ඇති බව වාර්තාවේ සඳහන් වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments