Friday, October 4, 2024
Homeදේශීයචැනල් ෆෝ මගින් පාස්කු ප්‍රහාරයේ තොරතුරු රැසක් නැවත තහවුරු කෙරේ

චැනල් ෆෝ මගින් පාස්කු ප්‍රහාරයේ තොරතුරු රැසක් නැවත තහවුරු කෙරේ

ලංකාවේ වෙලාවෙන් අද අලුයම චැනල් 4 නාළිකාවෙන් විකාශනය කරන ලද වීඩියෝව මගින් මෙයට පෙර හෙළිවී තිබූ කරුණු රැසක් නැවත තහවුරු වී තිබෙන අතර මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ නැගෙනහිර පළාත් මහ ඇමති ලෙස පත්කර සිටි පිල්ලෙයාන් සහ සුරේෂ් සලේ පිළිබඳ නවතම තොරතුරු ද ඒ මගින් හෙළිකර ඇත.

එම පාලන සමයේ මාධ්‍යවේදීන් ඝාතනය කිරීම සහ සහාසික ලෙස ප්‍රහාරයන්ට ලක් කිරීමේ සිට පාස්කු ප්‍රහාරය එල්ල කිරීම දක්වා කරුණු පෙළ ගස්වා තිබේ. මෙම ප්‍රහාරය පිළිබඳව ත්‍රස්ත විමර්ශන අංශයෙන් කළ පරීක්ෂණවල මූලික නිලධාරියෙකු වූ නිෂාන්ද ද සිල්වා ද කරුණු රැසක් හෙළිකර ඇත. පිල්ලෙයාන් සමඟ කටයුතු කළ අසාද් මවුලානා මෙරටින් පලා ගොස් බ්‍රිතාන්‍යයේ ජීවත් වන අතර තම අත්දැකීම් රැසක් මුල් වරට මෙම නාළිකාවට හෙළිකර තිබිණි.

ඔහු කළ ප්‍රකාශයන් අනුව නැගනහිර පළාතේ සිටි මහ ඇමති පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් සහ ගෝඨාභය රාජපක්ෂගේ සමීපතමයෙකු වන මේජර් ජනරාල් සුරේෂ් සලේ අතර අන්‍යෝන්‍ය අවබෝධයෙන් කටයුතු කළ බව සානාථ වී තිබේ

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments