උතුරු චීනයේ ෂැන්සි පළාතේ ගල්අඟුරු පතලක සිදුවූ ගෑස් පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව 82 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එමෙන්ම තවත් පුද්ගලයින් 9 දෙනෙකු පමණ අතුරුදන්ව සිටින අතර, ඔවුන් සොයා මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව සඳහන් වේ.
වාර්තා අනුව, පිපිරීම සිදුවන අවස්ථාවේදී කම්කරුවන් 247 දෙනෙකු පමණ පතල තුළ සේවයේ නිරතව සිට ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සමාගමේ විධායක නිලධාරීන් කිහිපදෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබේ.
චීනයේ ගල්අඟුරු කර්මාන්තයේ ප්‍රධාන මධ්‍යස්ථානයක් ලෙස සැලකෙන ෂැන්සි පළාත තුළ පතල් අනතුරු නිරන්තරයෙන් වාර්තා වන අතර, ජාතික පතල් ආරක්ෂණ දත්ත අනුව 2010 සිට 2025 දක්වා කාලය තුළ පතල් අනතුරු 3,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇත.
පසුගිය මාසයේදීද ෂැන්සි පළාතේ ගල්අඟුරු පතලක වහලයක් කඩා වැටීමෙන් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණි
චීනයේ ගල්අඟුරු පතල් පිපිරීමේ මරණ සංඛ්‍යාව 82 දක්වා ඉහළට

