Homeසියලුම පුවත්ජනතා පීඩනය අඩු කිරීමට රජය ක්‍රියා කළ යුතු බවට එක්සත් ජාතීන්ගෙන් ප්‍රකාශයක්

ජනතා පීඩනය අඩු කිරීමට රජය ක්‍රියා කළ යුතු බවට එක්සත් ජාතීන්ගෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකාවේ ජනතාව මුහුණ දෙන ආර්ථික හා සමාජීය පීඩනයන් අවම කිරීම සඳහා රජය ක්‍රියාමාර්ග ගත යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි.’ශ්‍රී ලංකාවේ සාමය සහ අර්බුද වැළැක්වීම සඳහා සමාජ සංවාදය’ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් කර තිබේ.එම ව්‍යාපෘතිය හරහා සේවකයන්ට සහ ප්‍රජාවන්ට තම ගැටලු ඉදිරිපත් කිරීමටත්, තම ජීවිතවලට බලපාන තීරණ ගැනීමේ ක්‍රියාවලියට දායක වීමටත් අවස්ථා හිමිවිය යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කරයි.දකුණු ආසියාවේ රාජ්‍ය අංශයේ සමාජ සංවාදය සඳහා වන පළමු ජාතික රාමුව ස්ථාපිත කරමින්, රාජ්‍ය සේවය තුළ සමාජ සංවාදය පිළිබඳ ප්‍රකාශනයක්ද සම්මත කරගෙන ඇති බව එම නිවේදනයේ දැක්වේ.ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් පසුව මතු වූ පීඩනයන්ට ප්‍රතිචාර දැක්වීම සඳහා මෙම ඒකාබද්ධ වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ.ආර්ථික පුනර්ජීවනයේදී ඉහළ ගිය බදු සහ භාණ්ඩ මිල, ජනතාවගේ ක්‍රය ශක්තිය පහත වැටීම සහ අඛණ්ඩ දරිද්‍රතාව හේතුවෙන් පවුල් ඒකක වෙත එල්ල වූ පීඩනය තවදුරටත් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි.රජය, සේවායෝජකයන්, සේවකයන් සහ ප්‍රජාවන් එකට එක් කරමින් සංවාදය ඔස්සේ ගැටලු විසඳීම, ආරවුල් උත්සන්න වීම වැළැක්වීම සහ සියලු පාර්ශ්වයන්ට සහභාගී විය හැකි ආර්ථික පුනර්ජීවනයකට සහාය වීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වී තිබේ.ආර්ථික පුනර්ජීවනය තුළින් වඩාත් යහපත් රාජ්‍ය සේවාවක්, සේවා ස්ථානවල සාධාරණ තත්ත්වයන් සහ තම අනාගතය හැඩගස්වා ගැනීමට ජනතාවට වැඩි අවස්ථා හිමිවිය යුතු බවද එම සංවිධානය සඳහන් කරයි.ගැටලු දුරදිග ගොස් සමාජ බෙදීම් ඇතිවීමට පෙර ඒවා විසඳා ගැනීම සඳහා ජනතාව අතර සංවාදයක් ගොඩනැගීම වැදගත් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි.ජනතාවට සවන් දීමෙන් පමණක් නොනැවතී, ඔවුන් ඉදිරිපත් කරන ගැටලු සම්බන්ධයෙන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීමද අත්‍යවශ්‍ය බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments