Tuesday, October 15, 2024
Homeදේශපාලනජනපතිට අප්‍රසාදය පල කරමින් මහා නා හිමිවරුන්ගෙන් ලිපියක්

ජනපතිට අප්‍රසාදය පල කරමින් මහා නා හිමිවරුන්ගෙන් ලිපියක්

තමන්වහන්සේලා අවස්ථා කීපයකදී ඉදිරිපත් කළ යෝජනා මාලාව ඔස්සේ පවතින ආර්ථික සමාජ ව්‍යසනයට සාධනීය පිළිතුරක් දෙන බව ලිඛිතව දන්වමින් සැබෑ විසඳුම් සෙවීම පසෙක ලා ජනාධිපතිවරයා සුපුරුදු පක්ෂ දේශපාලනයම සිදුකළ බවත් එම ව්‍යාජ හැසිරීමට දැඩි අප්‍රසාදය පලකරන බවත් ත්‍රෛනිකායික මහා නායක හිමිවරු අද ජනාධිපතිවරයාට ලිඛිතව දන්වා සිටියහ.

ජනාධිපතිවරයා වෙත උක්ත ලිපිය යවමින් උන්වහන්සේලා දන්වා සිටින්නේ මේ දේශපාලන විකල් හැසිරීම නවත්වා දැන්වත් මාස 06 කාලයක් සඳහා සියලු පක්ෂ එකතුකර සර්ව පාක්ෂික ආණ්ඩුවක් පත්කර ගැනීම සදහා අවංක වන ලෙසය.

උන්වහන්සේලා එම යෝජනාව ජනාධිපතිවරයා වෙත තරයේ අවධාරණය කරමින් දන්වා ඇත.

ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන් ලෙස තමන් වහන්සේලා එදා ඉදිරිපත් කළ යෝජනා මාලාවට ආරම්භයේ දීම යම් නම්‍යශීලී බවක් දැක්වූයේ නම් මේ රටත් අහිංසක ජනතාවත් මේ සා විශාල ව්‍යසනයකට පත් නොවන බවත් උන්වහන්සේලා ජනපතිට කියති.

ජනතා ප්‍රශ්නවලට විසඳුම් සෙවීම වෙනුවට ජනතා විරෝධය මර්ධනය කරමින් ගෙනයන රජයේ මේ වැඩපිළිවෙළ ජන සමාජයෙන් මෙපමණ තීව්‍ර ලෙස ප්‍රතික්ෂේප වන පසුබිමක ජාත්‍යාන්තර ආධාර ලබා ගැනීම ද දැඩි අර්බුදයකට පත්වී ඇති බව උන්වහන්සේලා පෙන්වා දෙති.

එහෙයින් තවදුරටත් ආත්මාර්ථකාමී අසංවේදී පටු දේශපාලන න්‍යාය පත්‍රයන්හි එල්බ නොසිට මේ අර්බුදයේ ගැඹුර වටහාගෙන තනතුරු, වරප්‍රසාද, බලය, පසෙක ලා ජනතාවගේ ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් සෑම ජනතා නියෝජිතයෙක්ම ඉදිරිපත් විය යුතු බව උන්වහන්සේලා දන්වා සිටිති.

යළිත් වරක් යෝජනා දහයකින් යුත් යෝජනා මාලාවක් සහිතව ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපති අමතන එම සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments