Monday, November 17, 2025
Homeසියලුම පුවත්ජනපති අනුර බුද්ධගයාවට

ජනපති අනුර බුද්ධගයාවට

අද උදෑසන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බිහාර් වෙත පැමිණියේය.

ඒ, බුද්ධගයාව වැඳපුදා ගැනීම සඳහායි.

මේ අතර  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය ජනාධිපති දෞපදි මූර්මු මහත්මිය ඊයේ රාත්‍රී හමුවිය.

ඒ, රාෂ්ට්‍රපතිභවන් හීදී..

දෙරටම නියෝජනය කරමින් රාජ්‍ය තාන්ත්‍රිකයින් රැසක් මෙම හමුව සඳහා එක්ව සිටියා.

ඉන්දු – ශ්‍රී ලංකා දිගුකාලීන මිතුදම ශක්තිමත් කිරීම සහ කලාපීය ආරක්ෂාව පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබේ.

සාකච්ඡාවෙන් අනතුරුව ඉන්දීය ජනාධිපතිනියගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිස රාත්‍රී භෝජන සංග්‍රහයකට ද එක්විය.

තුන් දින නිල සංචාරය අවසන් කරමින් ජනාධිපතිවරයා අද පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිතයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments