Homeසියලුම පුවත්රජයේ වාහන අවභාවිත කිරීමේ චෝදනාවට විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්

රජයේ වාහන අවභාවිත කිරීමේ චෝදනාවට විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ සහෝදරයා වන සරත් වීරවංශ මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) විසින් අත්අඩංගුවට ගෙන, ජූලි 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, රජයේ වාහනයක් අවභාවිත කළ බවට පවතින චෝදනාවක් සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි.

මීට පෙර පානදුර ප්‍රදේශයේ පිහිටි ඔහුට අයත් නිවසක සිටින බවට ලද තොරතුරක් මත නිලධාරීන් එහි ගියද, එම අවස්ථාවේදී ඔහු එහි නොසිටි බව සඳහන් වේ.

අනතුරුව ගම්පහ ප්‍රදේශයේ සිටින බවට ලද තොරතුරකට අනුව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගෙන කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

අධිකරණය නියෝග කර ඇත්තේ සරත් වීරවංශ මහතා ජූලි 22 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සිදුකරනු ලබයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments