Homeසියලුම පුවත්කිරිබත්ගොඩ රජයේ ඉඩම් නඩුව: මර්වින් සිල්වා ඇතුළු 6 දෙනෙකුට අධිචෝදනා භාරදෙයි

කිරිබත්ගොඩ රජයේ ඉඩම් නඩුව: මර්වින් සිල්වා ඇතුළු 6 දෙනෙකුට අධිචෝදනා භාරදෙයි

කිරිබත්ගොඩ නගරයේ පිහිටි රජයට අයත් ඉඩමක් සම්බන්ධයෙන් කූට ලේඛන සකස් කර එය අලෙවි කිරීමට උත්සාහ කළ බවට එල්ල වී ඇති චෝදනා මත හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු පුද්ගලයින් හය දෙනෙකුට ගම්පහ මහාධිකරණයේදී අද (15) අධිචෝදනා භාරදෙන ලදී.

මෙම නඩුව ගම්පහ මහාධිකරණ අංක 02 විනිසුරු නයනා සෙනෙවිරත්න මහත්මිය හමුවේ කැඳවූ අවස්ථාවේදී, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධි නීතිඥ සමදරී පියසේන මහත්මිය විසින් එක් එක් විත්තිකරු වෙත අධිචෝදනා පත්‍ර නිල වශයෙන් භාරදුන්නාය.

අධිකරණයේ පෙනී සිටි විත්තිකරුවන් අතර හිටපු අමාත්‍ය මර්වින් සිල්වා, හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, නවීන් වීරකෝන්, මිල්රෝයි පෙරේරා, ජයන්ත කබ්‍රාල් සහ සරත් එදිරිසිංහ යන අයද සිටියහ.

මෙම නඩුවේ ඉදිරි විභාග කටයුතු ගම්පහ මහාධිකරණය හමුවේ ඉදිරියට පැවැත්වීමට නියමිතය.

RELATED ARTICLES

Most Popular

Recent Comments