Homeසියලුම පුවත්ජර්මන් ජාතිකයෙකුගෙන් කෝටි 2.5කට අධික මුදලක් වංචා කළ සංචාරක මඟපෙන්වන්නෙක් අත්අඩංගුවට

ජර්මන් ජාතිකයෙකුගෙන් කෝටි 2.5කට අධික මුදලක් වංචා කළ සංචාරක මඟපෙන්වන්නෙක් අත්අඩංගුවට

ජර්මන් ජාතිකයෙකුගෙන් යුරෝ 91,860කට අධික මුදලක් වංචා කළ බවට සැකකෙරෙන පුද්ගලයෙකු අද (06) බෙන්තර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ ජර්මන් ජාතිකයා මෙරට සංචාරක ව්‍යාපාරයක ආයෝජනය කිරීම සඳහා ලබාදුන් මුදල් සැකකරු විසින් වංචනික ලෙස ලබාගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන ඒකකයට ලැබුණු පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගෙන ඇත්තේ බෙන්තර ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි සංචාරක මඟපෙන්වන්නෙකු වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments