අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් යටතේ දිවයින පුරා ක්‍රියාත්මක කළ දෛනික සෝදිසි මෙහෙයුම්වලදී සැකකරුවන් 589 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
ඊයේ (05) දිනයේදී පුද්ගලයින් 28,147 දෙනෙකු පරීක්ෂාවට ලක්කර ඇති අතර, එහිදී අපරාධවලට සම්බන්ධ බවට සැකකෙරෙන පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පිරිස අතර අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් සැකකරුවන් 22 දෙනෙකු සහ විවෘත වරෙන්තුකරුවන් 149 දෙනෙකුද සිටින බව පොලීසිය සඳහන් කළේය.
එමෙන්ම බීමත්ව රිය පැදවීමේ චෝදනා මත පුද්ගලයින් 57 දෙනෙකු සහ අපරික්ෂාකාරී ලෙස රිය පැදවීමේ චෝදනා මත තවත් 78 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
තවද, විවිධ රථවාහන නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 4,289 දෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.
විශේෂ සෝදිසි මෙහෙයුම්වලදී සැකකරුවන් 589ක් අත්අඩංගුවට

