Homeසියලුම පුවත්තුර්කි ආයෝජන ශ්‍රී ලංකාවට ගෙන්වීමට ඇමති විජිත සාකච්ඡාවක

තුර්කි ආයෝජන ශ්‍රී ලංකාවට ගෙන්වීමට ඇමති විජිත සාකච්ඡාවක

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සහ තුර්කියේ පෙන්තෝල් සමූහය හා ඇමෙරොන් එනර්ජීස් සමාගම් නියෝජනය කරන ව්‍යාපාරික දූත පිරිසක් අතර හමුවක් ඊයේ (05) පැවැත්වී තිබේ.
එහිදී තුර්කියේ ප්‍රමුඛ පෙළේ සමාගමක් වන පෙන්තෝල් සමාගමේ නියෝජිතයින් සඳහන් කර ඇත්තේ, නව රජය යටතේ ශ්‍රී ලංකාවේ ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය වී ඇති බවත්, ආයෝජන ක්‍රියාවලිය බාධාවකින් තොරව ඉදිරියට ගෙන යා හැකි බවත්ය.
තුර්කි ආයෝජකයින් රැසක් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට උනන්දුවක් දක්වන අතර, ඒ සඳහා පවතින අවස්ථා පිළිබඳව සොයා බැලීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ බවද ඔවුන් පෙන්වා දී ඇත.
මෙහිදී අමාත්‍ය විජිත හේරත් මහතා බලශක්ති, සංචාරක, ඖෂධ, ඉදිකිරීම් සහ කැණීම් ක්ෂේත්‍රවල පවතින ආයෝජන අවස්ථා පිළිබඳව දැනුවත් කරමින්, ශ්‍රී ලංකාව ආයෝජන හිතකාමී ආර්ථිකයක් බවට පත්ව ඇති බව අවධාරණය කළේය.
එමෙන්ම, ශ්‍රී ලංකාවේ මූලෝපායික පිහිටීම, ආයෝජක ආරක්ෂාව සඳහා හඳුන්වා දී ඇති ප්‍රතිපත්තිමය වෙනස්කම් සහ පෝට් සිටි ව්‍යාපෘතියෙන් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී තිබේ.
විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, මෙම හමුව රටේ සංවර්ධන ඉලක්ක සඳහා විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ ආර්ථික රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නයක කොටසක් බවයි

RELATED ARTICLES

Most Popular

Recent Comments