Homeසියලුම පුවත්.වැඩි මිලට පොහොර අලෙවි කළ වෙළෙඳසැලකට දඩ සහ අත්හිටවූ සිර දඬුවම්

.වැඩි මිලට පොහොර අලෙවි කළ වෙළෙඳසැලකට දඩ සහ අත්හිටවූ සිර දඬුවම්

උපරිම සිල්ලර මිල ඉක්මවා පොහොර අලෙවි කළ බවට අනාවරණය වූ මාතර ප්‍රදේශයේ වෙළෙඳසැලකට රුපියල් 10,000ක දඩයක් සහ එහි හිමිකරුට මාසයක අත්හිටවූ සිර දඬුවමක් නියම කිරීමට මාතර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමකදී, පාලන මිල වෙනස් කර අලෙවි කිරීමට සූදානම් කර තිබූ යූරියා පොහොර කිලෝග්‍රෑම් 50ක මිටි 179ක් සොයාගෙන ඇත.
අදාළ පොහොර තොගය සහ වෙළෙඳසැලේ හිමිකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම දඬුවම් නියම කර ඇති අතර, පොහොර තොගය රාජසන්තක කිරීමටද අධිකරණය නියෝග කර තිබේ.
මීට අමතරව, මිල වෙනස් කර අලෙවිය සඳහා ඉදිරිපත් කිරීමේ චෝදනාව මත අදාළ පොහොර සමාගමටද රුපියල් ලක්ෂයක දඩයක් නියම කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments