ජුනි මාසය සඳහා පළමුවරට පාර්ලිමේන්තුව අද (09) පෙරවරු 9.30ට රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කරයි.
කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන මෙම සභාවාරය ලබන 12 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.
අද දිනයේ මුද්දර ගාස්තු, වරාය සහ ගුවන් තොටුපොළ සංවර්ධන පනත යටතේ වන නියෝග ඇතුළු කරුණු කිහිපයක් අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.
එමෙන්ම නිෂ්පාදන බදු, එකතු කළ අගය මත බදු (VAT) සහ මහජන ආරක්ෂක ආඥාපනත යටතේ යෝජනා කිහිපයක්ද විවාදයට ගැනීමට සැලසුම් කර තිබේ.
හෙට සහ ඉදිරි දිනවලදී විදුලි සංදේශ බදු සංශෝධන පනත් කෙටුම්පත, මුදල් සංශෝධන පනත් කෙටුම්පත, සමථකරණ පනත් කෙටුම්පත සහ ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ රීති ඇතුළු කරුණු රැසක් විවාදයට ගැනීමට නියමිතය.
තවද රුපියල් බිලියන 20ක පරිපූරක ඇස්තමේන්තුවක්ද සිකුරාදා දිනයේ විවාදයට ගෙන අනුමත කිරීමට යෝජනා වී ඇත.
ජුනි මාසයේ පළමු පාර්ලිමේන්තු සභාවාරය අද

