Homeසියලුම පුවත්සලේගේ විමර්ශන ගැන CIDයට මානව හිමිකම් කොමිසමෙන් කැඳවීමක්

සලේගේ විමර්ශන ගැන CIDයට මානව හිමිකම් කොමිසමෙන් කැඳවීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී Suresh Sale සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළ කරුණු දැක්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මෙම සතිය තුළ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.
මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කරන්නේ, සුරේෂ් සලේ මහතාගේ ඥාතීන් විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.
ඒ අනුව කොමිෂන් සභාවේ නිලධාරීන් පසුගිය දිනවල CIDයට ගොස් සලේ මහතාගෙන් සහ ඔහු රඳවා සිටි ස්ථානය ආසන්නයේ සිටි පුද්ගලයින් කිහිපදෙනෙකුගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
එමෙන්ම, ඊයේ (08) දිනයේදී ද මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන් පිරිසක් National Hospital of Sri Lanka වෙත ගොස් සලේ මහතාගේ තත්ත්වය පිළිබඳ සොයා බැලූ බව වාර්තා වෙයි.
අදාළ විමර්ශන භාර නිලධාරීවරයා ඇතුළු CID නිලධාරීන් පිරිසකට මෙම සතිය තුළ කොමිෂන් සභාව හමුවේ කරුණු දැක්වීමට නියමිතය.

RELATED ARTICLES

Most Popular

Recent Comments