මහා භාණ්ඩාගාරයට අයත් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහ බැංකුවේ ස්ථාවරය දැනුම්දීම සඳහා සතියක කාලයක් ලබාදී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ශ ද සිල්වා පවසයි.
ඔහු සඳහන් කළේ, මුදල් අමාත්‍යාංශය සකස් කළ වාර්තාව අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහ බැංකුවටද වගකීමක් පවතින බවට කරුණු අනාවරණය වී ඇති බවයි.
මෙම කරුණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ඊයේ (08) රැස්වූ අතර, භාණ්ඩාගාර ලේකම් හර්ශන සුරියපෙරුම සහ මහ බැංකු අධිපති නන්දලාල් විරසිංහ ද එම සාකච්ඡාවට කැඳවා තිබූ බව වාර්තා වෙයි.
අදාළ වාර්තාව සහ සිද්ධියේ වගකීම් පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහ බැංකුවෙන් නිල ප්‍රතිචාරයක් අපේක්ෂා කරන බවද සඳහන් වේ.
අස්ථානගත වූ ඩොලර් මිලියන 2.5 ගැන මහ බැංකුවෙන් පැහැදිලි කිරීමක් ඉල්ලයි

