Homeසියලුම පුවත්විශ්‍රාමික හමුදා සෙබළා අතුරුදන් කළ සැකකරුවෙක් අත්අඩංගුවට

විශ්‍රාමික හමුදා සෙබළා අතුරුදන් කළ සැකකරුවෙක් අත්අඩංගුවට

2018 වසරේදී විශ්‍රාමික යුද හමුදා සෙබළෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළ බව කියන සිද්ධියකට අදාළව සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස්පතිවරයාට ලැබුණු පැමිණිල්ලක් අනුව සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසුව, සැකකරු ඊයේ (08) නිට්ටඹුව පොලිස් වසමේ රණ්පොකුණුගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයා 47 හැවිරිදි රණ්පොකුණුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු සන්තකයේ තිබී පෑනක හැඩයෙන් යුත් කුඩා ගිනිඅවියක්, එයට යොදන පතරොම් 05ක්, ටී-56 පතරොම් 04ක්, මිලිමීටර් 09 වර්ගයේ පතරොම් 08ක් සහ බෝර 12 වර්ගයේ පතරොම් 02ක් ද පොලිස් භාරයට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදුකරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments