Homeසියලුම පුවත්ඥානසාර හිමියන්ට සහාය පළ කරන පාගමන අද වරකාපොළට

ඥානසාර හිමියන්ට සහාය පළ කරන පාගමන අද වරකාපොළට

බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සහාය පළ කරමින් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පාගමන අද (12) තෙවැනි දිනටත් ක්‍රියාත්මක වේ.

“සිවුරට යුක්තිය – ජාතික අධිෂ්ඨාන පූජාව සහ නිදහසේ පාද යාත්‍රාව” ලෙස නම් කර ඇති මෙම පාගමන පසුගිය 10 වැනිදා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව අසලින් ආරම්භ විය.

සැලසුමට අනුව, අද පාගමන කෑගල්ල නගරයෙන් ආරම්භ වී වරකාපොළ දක්වා ගමන් කිරීමට නියමිතය. ඉන් අනතුරුව නිට්ටඹුව සහ කඩවත නගර පසුකර ලබන 15 වැනිදා කොළඹට ළඟාවීමට අපේක්ෂා කරන බව වාර්තා වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments