Homeසියලුම පුවත්ශෂී වීරවංශගේ විදේශ ගමන් බලපත්‍ර නඩුව යළි කැඳවීමට නියෝගයක්

ශෂී වීරවංශගේ විදේශ ගමන් බලපත්‍ර නඩුව යළි කැඳවීමට නියෝගයක්

අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබාගැනීමේ චෝදනාවට වරදකරු වී වසර දෙකක සිරදඬුවමක් නියම වී සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට අදාළ නඩුව මේ මස 26 වැනිදා යළි කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

අද (12) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදී, ඇප මත සිටින ශෂී වීරවංශ මහත්මිය ද අධිකරණය හමුවේ පෙනී සිටියාය.

ඇයට නියම කළ සිරදඬුවම කොළඹ මහාධිකරණය විසින් ද තහවුරු කර ඇති බවත්, එම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවත් අධිකරණයේදී සඳහන් විය.

ඒ අනුව, අදාළ අභියාචනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ කාර්ය සටහන් ඉදිරිපත් කිරීම සඳහා නඩුව ලබන 26 වැනිදා යළි කැඳවීමට නියම කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments