Homeසියලුම පුවත්ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තුවක්

ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තුවක්

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිරදඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබේ.

ඒ අනුව එම වරෙන්තුව පොලිස්පතිවරයා මාර්ගයෙන් ක්‍රියාත්මක කිරීමට අධිකරණය නියෝග කර ඇත.

එමෙන්ම ඥානසාර හිමියන්ට විදේශගත වීම වළක්වමින් විදේශ ගමන් තහනමක්ද අධිකරණය විසින් පනවා තිබේ.

විදේශ ගමන් තහනම සම්බන්ධයෙන් ආගමන හා විගමන පාලකවරයා වෙත දැනුම්දෙන ලෙසද අධිකරණය නියෝග කර ඇත.
“`0

RELATED ARTICLES

Most Popular

Recent Comments