Homeසියලුම පුවත්ඩෙංගු මරණ 78 දක්වා ඉහළට - රෝගීන් ලක්ෂය ඉක්මවයි

ඩෙංගු මරණ 78 දක්වා ඉහළට – රෝගීන් ලක්ෂය ඉක්මවයි

මෙම වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 78ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්ත අනුව මේ වන විට මෙරටින් ඩෙංගු රෝගීන් 100,871 දෙනෙකු වාර්තා වී ඇති අතර, මරණ අනුපාතය 0.077%ක් ලෙස සටහන් වේ.

සමස්ත රෝගීන්ගෙන් 52.45%ක් හෙවත් රෝගීන් 52,906 දෙනෙකු බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබේ.

දිස්ත්‍රික් මට්ටමින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 21,377කි. කොළඹින් රෝගීන් 19,759ක්, මහනුවරින් 7,689ක්, කළුතරින් 6,400ක් සහ මාතරින් 6,305ක් වාර්තා වී ඇත.

මාසික දත්ත අනුව ඔක්තෝබර් මාසයේ ගත වූ දින කිහිපය තුළ ඩෙංගු රෝගීන් 151 දෙනෙකු වාර්තා වී ඇති අතර, සැප්තැම්බර් මාසයේදී රෝගීන් 5,230ක් වාර්තා වී තිබේ.

මෙම වසරේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ජූලි මාසයේදී වන අතර එම සංඛ්‍යාව 29,964කි. ජූනි මාසයේදී රෝගීන් 21,533ක් සහ අගෝස්තු මාසයේදී 10,155ක් වාර්තා වී ඇත.

මේ වන විට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 37ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබේ.

මදුරුවන් බෝවන ස්ථාන විනාශ කර පරිසරය පිරිසිදුව තබා ගැනීමට කඩිනමින් පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටී.

RELATED ARTICLES

Most Popular

Recent Comments