අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව පසුගිය දිනවල අවප්‍රමාණය වෙමින් පැවති ශ්‍රී ලංකා රුපියල අද (15) යළි ශක්තිමත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ඒ අනුව අද දිනයේ අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 326.34ක් ලෙසත්, විකිණුම් මිල රුපියල් 336.58ක් ලෙසත් සටහන් වී තිබේ.
පසුගිය සිකුරාදා (12) දිනයේදී ඩොලරයක ගැනුම් මිල රුපියල් 331.42ක් ලෙසත්, විකිණුම් මිල රුපියල් 341.36ක් ලෙසත් පැවති බව වාර්තා වෙයි.
ඒ අනුව ඩොලරයේ මිල පහළ යාමත් සමඟ ශ්‍රී ලංකා රුපියලේ අගය යළි ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණය වේ.
ඩොලරයට සාපේක්ෂව රුපියල යළි ශක්තිමත් වෙයි

