Homeසියලුම පුවත්හැටන් - නුවරඑළිය මාර්ගයේ වාහන ධාවනයට සීමා

හැටන් – නුවරඑළිය මාර්ගයේ වාහන ධාවනයට සීමා

හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල පතන මංසන්ධිය ආසන්නයේ රථවාහන ගමනාගමනය එක් මංතීරුවකට සීමා කර ඇති බව වාර්තා වෙයි.
නායගිය ස්ථානයට ඉහළින් පිහිටි යූකැලිප්ටස් ගස් කිහිපයක් කඩා වැටීමේ අවදානමක් පවතින බැවින්, මාර්ග සංවර්ධන අධිකාරිය ඊයේ (14) සිට මෙම පියවර ගෙන ඇත.
ප්‍රදේශවාසීන් පවසන්නේ, අදාළ ගස්වල මුල් මතු වී ඇති අතර පවතින දැඩි සුළං සහ අයහපත් කාලගුණය හේතුවෙන් ඒවා ඕනෑම මොහොතක මාර්ගයට කඩා වැටිය හැකි බවයි.
මෙම අවදානම පිළිබඳව ආපදා කළමනාකරණ අංශ දැනුවත් කර තිබුණද, මෙතෙක් ස්ථිර විසඳුමක් ලැබී නොමැති බවද ඔවුන් සඳහන් කරයි.
ගස් කඩා වැටීමක් සිදුවුවහොත් මාර්ගයේ ගමන් කරන රථවාහන සහ මගීන්ට දැඩි අනතුරු සිදුවිය හැකි බැවින් රියදුරන් විමසිලිමත්ව කටයුතු කරන ලෙස දැනුම් දී ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments