අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් තෙවන පාර්ශ්වයක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් දේශීය හා ජාත්‍යන්තර මට්ටමින් විධිමත් පරීක්ෂණ අඛණ්ඩව ක්‍රියාත්මක වන බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.
ඔහු සඳහන් කළේ, අභ්‍යන්තර විමර්ශන, CID පරීක්ෂණ, මහබැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය, නීතිපති දෙපාර්තමේන්තුව, විගණකාධිපති සහ පාර්ලිමේන්තු කාරක සභා ඇතුළු සියලු ආයතන සමඟ එක්ව විනිවිදභාවයෙන් කටයුතු කරන බවයි.
මෙය කෙටි කාලයකින් අවසන් කළ හැකි පරීක්ෂණයක් නොවන අතර, ජාත්‍යන්තර පරීක්ෂණවල ප්‍රතිඵල ද ලැබෙන තෙක් ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
ඩොලර් මිලියන 2.5 සිද්ධියට දේශීය හා ජාත්‍යන්තර පරීක්ෂණ අඛණ්ඩව

