Homeසියලුම පුවත්තංගල්ලේ නිවසකින් හෙරොයින් කිලෝ 2.8කට වැඩි ප්‍රමාණයක් සොයාගනී - 18 හැවිරිදි තරුණයෙක්...

තංගල්ලේ නිවසකින් හෙරොයින් කිලෝ 2.8කට වැඩි ප්‍රමාණයක් සොයාගනී – 18 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට

තංගල්ල පලපොත, යායවත්ත ප්‍රදේශයේ නිවසක තිබී හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 2කට වැඩි ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් 18 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පෑලියගොඩ උතුර දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ (26) අත්අඩංගුවට ගෙන ඇත්තේ පලපොත නැගෙනහිර ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.

ලද තොරතුරකට අනුව පොලිස් කණ්ඩායමක් අදාළ නිවස වටලා තරුණයා පරීක්ෂා කිරීමේදී ඔහු සතුව තිබී හෙරොයින් මිලිග්‍රෑම් 2,300ක් සොයාගෙන ඇත.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ එම මත්කුඩු තම සහෝදරයා විසින් ලබාදුන් බවත්, ඔහු සතුව තවත් මත්කුඩු තොගයක් ඇති බවත්ය.

ඒ අනුව පොලිසිය පලපොත, යායවත්ත ප්‍රදේශයේ පිහිටි 29 හැවිරිදි සහෝදරයාගේ නිවස පරීක්ෂා කර තිබේ. පොලිස් කණ්ඩායම එම ස්ථානයට පැමිණෙන අවස්ථාවේ සැකකරු පලාගොස් සිට ඇති අතර, නිවස පිටුපස සඟවා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 842ක පාර්සලයක් සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් තරුණයා පොලිසියට පවසා ඇත්තේ මෙම හෙරොයින් තොගය මුහුදේ පාවෙමින් තිබියදී තම සහෝදරයාට හමුවූ බවය.

පලාගොස් සිටින 29 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments