Homeසියලුම පුවත්තද සුළං සහ රළු මුහුදු තත්ත්වය ගැන අනතුරු ඇඟවීමක්

තද සුළං සහ රළු මුහුදු තත්ත්වය ගැන අනතුරු ඇඟවීමක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
අද (06) පෙරවරු 11.30 සිට හෙට (07) පෙරවරු 11.30 දක්වා බලපැවැත්වෙන මෙම නිවේදනයට අනුව, කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර් 60 සිට 70 දක්වා ඉහළ යා හැකි අතර, එම ප්‍රදේශ ඉතා රළු විය හැකි බව සඳහන් වේ.
එමෙන්ම ත්‍රිකුණාමලය සිට මුලතිව් හරහා කන්කසන්තුරය දක්වාත්, කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර් 50 සිට 60 දක්වා ඉහළ යා හැකි අතර, එම මුහුදු ප්‍රදේශ රළු විය හැකි බව දැනුම් දී ඇත.
මන්නාරම සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල රළ උස මීටර් 2.0 සිට 2.5 දක්වා ඉහළ යා හැකි බවත්, හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළ ආසන්න ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ හේතුවෙන් ධීවර සහ නාවික කටයුතුවල නිරත පිරිස් අවධානයෙන් කටයුතු කරන ලෙස බලධාරීන් දැනුම් දී ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments