Homeසියලුම පුවත්සහරා කාන්තාරයේදී ට්‍රක් රථයක් අක්‍රීයවී 49ක් මරුට

සහරා කාන්තාරයේදී ට්‍රක් රථයක් අක්‍රීයවී 49ක් මරුට

සහරා කාන්තාරය හරහා ගමන් කරමින් තිබූ ට්‍රක් රථයක් කාර්මික දෝෂයකට ලක්වීමෙන් එහි ගමන්ගත් පුද්ගලයින් 49 දෙනෙකු දැඩි පිපාසය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම සිද්ධිය මාලි සහ ඇල්ජීරියාව අතර දේශසීමාව ආසන්න ප්‍රදේශයකදී සිදුව ඇති අතර, මියගිය සියලු දෙනා නයිජීරියාවේ ජාතිකයින් බව සඳහන් වේ.
ඔවුන් මාලි රාජ්‍යයේ පැවති ආගමික උත්සවයකට සහභාගී වී යළි සිය රට බලා යමින් සිටියදී මෙම ඛේදවාචකයට මුහුණ පා ඇත.
කෙසේවෙතත්, මෙම අනතුරෙන් පුද්ගලයින් දෙදෙනෙකු දිවි ගලවාගෙන ඇති අතර, ජලය සොයා කිලෝමීටර් 50කට අධික දුරක් පයින් ගමන් කර බලධාරීන්ට සිද්ධිය දැනුම් දී තිබේ.
ඔවුන් ලබාදුන් තොරතුරු මත ක්‍රියාත්මක වූ සහන කණ්ඩායම් අදාළ ස්ථානයට ළඟා වූ විට, ට්‍රක් රථය ආසන්නයේ සහ යට විසිරී තිබූ මළසිරුරු 49ක් සොයාගෙන ඇති බව වාර්තා වෙයි.
පසුව එම මළසිරුරු සියල්ලම එම ප්‍රදේශයේම සමූහ මිනී වළක තැන්පත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments