ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා තද සුළං සහ රළු මුහුදු තත්ත්වයන් පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
අද (15) පෙරවරු 10.30ට නිකුත් කළ මෙම නිවේදනය හෙට (16) පෙරවරු 10.30 දක්වා පැය 24ක කාලයක් සඳහා වලංගු වන බව සඳහන් වෙයි.
එම මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 සිට 60 දක්වා ඉහළ යා හැකි අතර, මුහුද ද රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
එමෙන්ම, කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල රළ උස මීටර් 2ත් 2.5ත් අතර ප්‍රමාණයකින් ඉහළ යාමේ හැකියාවක් පවතින බවද නිවේදනයේ සඳහන් වේ.
ඒ අනුව නාවික සහ ධීවර ප්‍රජාව විමසිලිමත්ව කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.
තද සුළං සහ රළු මුහුද ගැන අවවාදාත්මක නිවේදනයක්

