Homeසියලුම පුවත්ජාත්‍යන්තර වෙළෙඳපොළේ රන් මිල ඉහළට

ජාත්‍යන්තර වෙළෙඳපොළේ රන් මිල ඉහළට

ජාත්‍යන්තර වෙළෙඳපොළේ රත්‍රං මිල අමෙරිකානු ඩොලර් 4,325 දක්වා ඉහළ යාමත් සමඟ මෙරට රන් මිලද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.
කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ, අද උදෑසන 9.00ට සාපේක්ෂව රන් මිල රුපියල් 6,000කින් ඉහළ ගොස් ඇති බවයි.
ඒ අනුව, අද දිනයේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 360,600ක් ලෙස සටහන් වී තිබේ.
එමෙන්ම, පසුගිය සෙනසුරාදා (13) රුපියල් 386,000ක්ව පැවති කැරට් 24 රන් පවුමක මිල අද වනවිට රුපියල් 392,000 දක්වා ඉහළ ගොස් ඇති බවද වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි

RELATED ARTICLES

Most Popular

Recent Comments