කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසන්නේ, විපක්ෂයේ බොහෝ දේශපාලනඥයන් මේ වනවිට නඩු කටයුතුවලට මුහුණ දෙමින් ඇප මත සිටින බවත්, ඉදිරියේදීද සියදිවි හානි කරගැනීමේ සිදුවීම් වාර්තා විය හැකි බව තමන් බැහැර නොකරන බවත්ය.
බිංගිරිය ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්, හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ මරණය සම්බන්ධයෙන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.
එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, පසුගිය කාලය තුළද සියදිවි හානි කරගැනීමේ සිදුවීම් කිහිපයක් වාර්තා වූ බවත්, දූෂණ හා අල්ලස් චෝදනා සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වෙමින් පවතින බවත්ය.
තවද, රාජපක්ෂ පවුලේ සාමාජිකයන් සහ හිටපු අමාත්‍යවරුන් ඇතුළු පිරිසකට එරෙහිව නඩු රැසක් විභාග වෙමින් පවතින බවද ඔහු ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත්, හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ මරණයට හේතුව කුමක්ද යන්න පිළිබඳව මේ අවස්ථාවේදී නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවද නාමල් කරුණාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

