කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව අද (19) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.
එමෙන්ම අම්පාර සහ මොනරාගල දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක පස්වරු 2.00ට පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල බොහෝවිට වියළි කාලගුණික තත්ත්වයක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මේ අතර, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලට අමතරව මාතලේ, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලද විටින් විට පැයට කිලෝමීටර් 40 සිට 50 දක්වා වේගයකින් තද සුළං හමා යා හැකි බැවින් ජනතාව අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

