කිරිබත්ගොඩ පොලිස් වසමේ දික්පිටිගොඩ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය, හෙරොයින් සහ මත්පෙති තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ (18) සිදුකළ මෙහෙයුමේදී සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 6යි ග්‍රෑම් 96ක්, හෙරොයින් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 70ක් සහ මත්පෙති 5,000ක් සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ දික්පිටිගොඩ ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකි.
මේ අතර, ඊයේ දිනයේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 18යි ග්‍රෑම් 716ක් සමඟ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදී විද්‍යුත් තරාදියක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර, සැකකරු පානදුර අළුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙකු බව අනාවරණය වී ඇත.
පොලිස් ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ මෙම මත්ද්‍රව්‍ය තොගය සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකුගේ මෙහෙයවීම යටතේ දිවයිනේ විවිධ ප්‍රදේශවල බෙදාහැරීම සඳහා රැගෙනවිත් ඇති බවයි.
අදාළ සැකකරු අද (19) පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින හතක රැඳවුම් නියෝගයක් ලබාගැනීමට නියමිත බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

