රත්මලාන ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක අද (19) පෙරවරුවේ ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ.
දෙහිවල ගිනි නිවීමේ ඒකකය සඳහන් කළේ, ගින්න එම නිවාස සංකීර්ණයේ දෙවැනි මහලේ හටගෙන ඇති බවයි.
ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ රථ දෙකක් කඩිනමින් යොදවා ඇති අතර, ගිනි නිවීමේ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් මේ වන විට ගින්න සම්පූර්ණයෙන්ම මැඩපවත්වා තිබේ.
ගින්න හටගැනීමට හේතුව සහ සිදුවූ හානි පිළිබඳ වැඩිදුර විමර්ශන මේ වන විට සිදුකරමින් පවතී.

