Homeසියලුම පුවත්පිළියන්දලදී පොලිස් වෙඩි තැබීමක් – සැකකරුවෙකු තුවාල ලබයි

පිළියන්දලදී පොලිස් වෙඩි තැබීමක් – සැකකරුවෙකු තුවාල ලබයි

පිළියන්දල, බෝකුන්දර, වීරසිංහ මාවත ප්‍රදේශයේ අද (19) උදෑසන සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීමක් අතරතුර පොලිස් වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලීසිය පවසයි.

පොලිස් නිලධාරීන් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි සැකකටයුතු පුද්ගලයින් දෙදෙනෙකු පරීක්ෂාවට ලක් කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී, එක් සැකකරුවෙකු තියුණු ආයුධයකින් පොලිස් නිලධාරීන්ට පහරදීමට උත්සාහ කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එම තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය වෙඩි තැබීමක් සිදුකර ඇති අතර, එහිදී එක් සැකකරුවෙකු තුවාල ලබා ඇත.

තුවාල ලැබූ සැකකරු ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

යතුරුපැදියේ සිටි අනෙක් පුද්ගලයා එම ස්ථානයෙන් පලාගොස් ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments