Homeසියලුම පුවත්තුන්කොන් එක්දින ශූරතාව ඉන්දීය A කණ්ඩායමට

තුන්කොන් එක්දින ශූරතාව ඉන්දීය A කණ්ඩායමට

ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම ලකුණු 66කින් පරාජය කළ ඉන්දීය ‘A’ කණ්ඩායම තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගෙන තිබේ.
අද (21) දඹුල්ලේ පැවති අවසන් මහා තරගයේදී ලකුණු 378ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායමට පන්දුවාර 47.1කදී සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 311ක් පමණි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් සදීර සමරවික්‍රම ලකුණු 52ක් සහ වනුජ සහන් ලකුණු 62ක් රැස් කළද, කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට එය ප්‍රමාණවත් නොවීය.
පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය ‘A’ කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 377ක් රැස් කළේය.
ශ්‍රී ලංකා, ඉන්දීය සහ ඇෆ්ගනිස්තාන ‘A’ කණ්ඩායම් සහභාගී වූ මෙම තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගත් ශ්‍රී ලංකාව අවසන් තරගයට සුදුසුකම් ලැබූ අතර, දෙවැනි ස්ථානය හිමිකරගත් ඉන්දීය ‘A’ කණ්ඩායම අවසන් මහා තරගයේදී ශූරතාව දිනාගැනීමට සමත් විය.

RELATED ARTICLES

Most Popular

Recent Comments