දකුණු ඉරානයේ මිසයිල සහ බිම්බෝම්බ ප්‍රවාහනය හා ස්ථානගත කිරීම සඳහා යොදා ගන්නා බව පැවසෙන බෝට්ටු ඉලක්ක කර ගනිමින් අමෙරිකාව ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානයේ (CENTCOM) ප්‍රධානී අද්මිරාල් බ්‍රැඩ් කූපර් සඳහන් කර ඇත්තේ, ඉරාන හමුදාවෙන් එල්ල වන තර්ජනවලට ප්‍රතිචාර වශයෙන් සහ ස්වයං ආරක්ෂාව සඳහා මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බවයි.
කෙසේවෙතත්, දැනට පවතින සටන් විරාමය සම්බන්ධයෙන් අමෙරිකාව ඉතා සංයමයෙන් කටයුතු කරන බවද ඔහු අවධාරණය කර තිබේ.
මෙම ප්‍රහාර සම්බන්ධයෙන් ඉරානය මෙතෙක් නිල ප්‍රතිචාරයක් දක්වා නොමැති අතර, එය ඉදිරියේදී සාම සාකච්ඡා සහ ගිවිසුම් ක්‍රියාවලියට කෙසේ බලපානු ඇත්ද යන්න පිළිබඳව තවමත් අවිනිශ්චිත තත්ත්වයක් පවතින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
දකුණු ඉරානයේ ඉලක්ක වෙත අමෙරිකාවෙන් ප්‍රහාර මාලාවක්

