නිරිත දිග මෝසම ක්‍රමයෙන් දිවයින පුරා ස්ථාපිත වෙමින් පවතින බැවින් ඉදිරි දින කිහිපයේදී නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ද අපේක්ෂා කෙරේ.
ඌව පළාතේ සහ අම්පාර, මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක පස්වරු 1.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද සඳහන්ය.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ද පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර වේගයක තරමක තද සුළං ඇතිවිය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි අකුණු සහ තාවකාලික තද සුළං හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂක පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
අද ප්‍රදේශ රැසකට මි.මී. 100ක තද වැසි අපේක්ෂා කෙරේ

