දෙහිවල, සිරිසඟබෝ මාවතේ නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර දරුවන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බවට සැකකරන තවත් පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (25) අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 11 වැනිදා සිදුවූ එම ප්‍රහාරයෙන් දරුවන් දෙදෙනෙකු මියගොස් ඔවුන්ගේ පියා බරපතළ තුවාල ලබා තිබූ අතර, සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.
විමර්ශන අතරතුර ප්‍රධාන සැකකරු සහ සිද්ධියට ආධාර අනුබල දුන් බවට සැකකෙරෙන තවත් දෙදෙනෙකු පසුගිය 17 වැනිදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු මත, අත්බෝම්බ ප්‍රහාරයට ආධාර අනුබල දුන් බවට සැකපිට මෙම නව සැකකරුවන් දෙදෙනා දෙහිවල පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 960ක් සහ අපරාධය සඳහා යොදාගත් බවට සැකකෙරෙන ත්‍රීරෝද රථයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 30 සහ 31 වයස්වල පසුවන පිළියන්දල සහ කහතුඩුව ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.

