අද (26) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නිකුත් කළ නවතම කාලගුණ නිවේදනයට අනුව, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් අපේක්ෂා කෙරේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල, උතුරු සහ උතුරු-මැද පළාත්වල මෙන්ම හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ පුත්තලම දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර වේගයකින් තද සුළං හමා යා හැකි බවද දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
දිස්ත්‍රික්ක කිහිපයකට අදත් වැසි – තද සුළං පිළිබඳ අනතුරු ඇඟවීමක්

