Homeසියලුම පුවත්දේශගුණික විපර්යාස ජාතික ආරක්ෂාවටත් තර්ජනයක් - විපක්ෂ නායක

දේශගුණික විපර්යාස ජාතික ආරක්ෂාවටත් තර්ජනයක් – විපක්ෂ නායක

දේශගුණික විපර්යාස හුදෙක් පාරිසරික ගැටලුවක් ලෙස නොසලකා ජාතික ආරක්ෂාවට බලපාන බරපතළ කරුණක් ලෙස අවධානය යොමු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ පැවති රැස්වීමකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, දේශගුණික විපර්යාස හේතුවෙන් ආර්ථිකයට, ආහාර හා ජල සුරක්ෂිතතාවයට, ජෛව විවිධත්වයට මෙන්ම ජන ජීවිතයටද දැඩි බලපෑම් එල්ල වන බවයි.
එබැවින් ජාතික ආරක්ෂාව යන්න හමුදා ආරක්ෂාවට පමණක් සීමා නොවන බවද විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම සහ ජල හිඟය වැනි අභියෝගවලට මුහුණදීම සඳහා රජය පමණක් නොව, දේශපාලන භේදයකින් තොරව සමස්ත ජනතාව, පාර්ලිමේන්තුව සහ සිවිල් සමාජය එක්ව කටයුතු කළ යුතු බවද ඔහු අවධාරණය කළේය.
මේ අතර, පරිසරය සහ වනසතුන් පිළිබඳ දැනුම ග්‍රාමීය ජනතාව අතර ව්‍යාප්ත කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් පරිසර සමාජ පිහිටුවීමට පියවර ගත යුතු බවද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
රටේ පෙරහැර සංස්කෘතිය මෙන්ම අලි සම්පතද අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කළ යුතු බවත්, වනාන්තරවලින් අලි අල්ලා ගැනීම වෙනුවට දැනට සිටින හීලෑ අලි ඇතුන්ගෙන් පැටවුන් බෝකර විශේෂ අලි සංචිතයක් නිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

RELATED ARTICLES

Most Popular

Recent Comments