22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනුකර ඇති පෙත්සම් සංඛ්‍යාව 67ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඉන් පෙත්සම් 41ක් මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉදිරිපත් කර තිබීම විශේෂත්වයකි. එමෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිවද පෙත්සම් 5ක් ගොනුකර ඇත.
ඒ අනුව, අදාළ පෙත්සම් අද (01) පෙරවරු 10.00ට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතය.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් විභාගයට ගැනීමට නියමිත අතර, ඒ සඳහා අචල වෙන්ගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන විනිසුරුවරුන්ද නම් කර තිබේ.
මේ අතර, පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා නීතිපතිවරයා වෙත නොතීසි නිකුත් කිරීමටද ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ පියවර ගෙන ඇත.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පසුගිය 18 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊට එරෙහිව පෙත්සම් ගොනු කිරීමට අවස්ථාව ලබාදී තිබුණි.
22ට එරෙහි පෙත්සම් 67ක් – විභාගය අද ඇරඹේ

