බෙංගාල බොක්කේ ගැඹුරු මුහුදු ප්රදේශවල යාත්රා කරන බහුදින ධීවර යාත්රා සහ නාවික ප්රජාව වෙනුවෙන් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.උතුරු සුමාත්රා දූපත් ආශ්රිත දකුණු අන්දමන් මුහුදු ප්රදේශයේ පැවති වායුගෝලීය කැලඹිලි තත්ත්වය අද (29) පෙරවරු 11.30 වන විට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.මෙම පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඔක්තෝබර් 31 පමණ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇති බවට අනාවැකි පළ කර තිබේ.ඉන් අනතුරුව එය තවදුරටත් වර්ධනය වෙමින් ඉන්දියාවේ ආන්ද්ර ප්රදේශ් වෙරළ තීරය දෙසට ගමන් කළ හැකි බවද නිවේදනයේ සඳහන් වේ.ඒ අනුව, මුහුදු යාත්රා කිරීමේදී අවධානයෙන් පසුවන ලෙසත්, කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳව නිරන්තරයෙන් විමසිලිමත් වන ලෙසත් ධීවර හා නාවික ප්රජාවට දැනුම් දී තිබේ.

